Mr. Submarine Cafe in Mawilmada

Owner not registered
Reviews
#8 From 21 in Mawilmada
7.3
3 Review
Ambience
7.3/10
Food
7.3/10
Interior
7.3/10
Prices
7.3/10
Service
7.3/10
More details
Price & Cuisine
$ International
Establishment type
Cafe
Reviews
3 reviews
Rating
Sorting
Date
Date From - Date To
ෆේස්බුක් ප්‍රොමෝශන් එකක් දැකලා අළුතෙන්ම ඕපන් කරපු තැනකින් රසට කන්න කියලා ගිහින් ලැබිච්ච අත්දැකීම ගැන මෙහෙම ලියන්න වෙච්ච එක ගැන නම් ඇත්තටම කණගාටුයි. මම ඕඩර් කලේ Egg Fried Rice 2 ක් සහ Chicken Fried Rice 1ක්. පෝශන් එකේ ෆොටෝස් මම දාලා ඇති. පෝශන් එක ලස්සනට සහ ලොකුවට තියෙනවා. නමුත් ඇත්තටම රස අතින් නම් බිංදුවයි. රයිස් එක පැණි රසයි. චිකන් රයිස් එකේ චිකන් ගාවලා වත් තිබුනද කියල ගැටළුවක් තිබුනා. කැරට් ඇතුළු සියළුම එළවළු කොටස් අමුවෙන් හැපුනා. නියම ප්‍රමාණයට ලුණු වත් තිබුණේ නැහැ. නිවැරදිවම කියනවනම් පොල් කුඩු හපනවා වගේ රසයක් තමයි දැණුනේ රයිස් එකෙන්. ඒ වගේම අපිට ලැබුණේ රයිස් එක සහ චිලි පේස්ට් පමණයි.. සෑම ටේබල් එකකම සෝස් බෝතල් තිබුනා.. නමුත් රයිස් එක සඳහා සාමාන්‍යෙන් ලබා දෙන හොද්දක් ලැබුණේ නැහැ. තෙල් ගොඩක් නාවලා තිබුනේ නෑ.. ඒක විතරක් හොඳයි.. නමුත් නරකම දේ තමයි චිලි පේස්ට් එකේ වැලි හැපුන එක.. ඒක අහම්බයක් කියල හිතන්න කැමති උනත් අපි තුන් දෙනාටම වැලි හැපුන එක අහම්බයක් නම් වෙන්න බැහැ.. මා සමග ආ එක් මිතුරෙක් වෘත්තියෙන් සූපවේදියෙක්. ඔහු කියා සිටියේ චිලිපේස්ට් එක සඳහා වැලි සහිත බාල කූනිස්සන් යොදාගෙන ඇති බවයි. ඇතුළත පෙණුම ඒ තරම් නරක නැති උනත් කෙළින්ම ඉදිරියෙන් එල්ලා ඇති පටි කර්ට්න් එක නම් රෝහලක කර්ට්න් එකක් මතක් කලා.. මේස සහ පුටු ද සීමිත ප්‍රමාණයක් තමයි තිබුනේ. වැසිකිලි පහසුකම් ද ඇති නමුත් එහි ඇති කුඩා ඉඩකඩේ කොසු, බ්‍ර්ශ්, මොප් ආදී සියල්ල එල්ලා ඇති නිසා කොමඩ් එකේ වාඩි වුවහොත් ඒවා මූණේ හෝ ඇඟේ තැවරෙන තරම් ය. ෆ්ල්ශ් කරන බට්න් එක ඇති ස්ථානයේ වැසිකිළි පිරිසිදුකාරක දියර බඳුන් තබා ඇත. එය අප්‍රසන්නය. කෙසේ නමුත් සාපේක්ශව අනෙක් ස්ථාන වලට වඩා මිළ අඩු වූවත්, එම මිළටත් නොවටිනා ආහාර ලැබෙන තැනක් බව මගේ අදහසයි. පාකින් පහසුකම් ද නැත. සාමාන්‍ය දුරකින් පාර අයිනෙ වාහන නවත්වා පැමිණීමට ඔබට සිදුවේ. Food: 1 Service: 3 Atmosphere: 2
Food: 5 Service: 5 Atmosphere: 5
avatar
Arosh Dilshan
Source: google
10
6 months ago
Food: 5 Service: 5 Atmosphere: 5
become-owner-bg
Does this bellong to you?